Home / සෞඛය / ඇදුම පාලනය නොකළොත් වැඩීම බාල වෙනවා

ඇදුම පාලනය නොකළොත් වැඩීම බාල වෙනවා

2020-09-08 06:45:00       863
feature-top
සෙම රෝග දරුවන්ට වධ දෙන රෝග අතර ප්‍රධානයි. ඇදුම සෙම ගැන සිහි කරන විට මාපියන්ගේ මතකයට මුලින්ම නැඟෙන පීඩාකාරී රෝගයක්. ඇදුම කියන්නේ අසාත්මිකතාවක්. දරුවන් අතර සුලබ අසාත්මිකතාවක්. මෙය එන්න එන්නම දරුවන් රෝගී කරන රෝග තත්ත්වයක් බවට පත්වී ඇත්තේ වායු දූෂණය දවසින් දවස වැඩිවන නිසයි.

නිසි ලෙස පාලනය නොකළොත් ජීවිතයට තර්ජනයක් විය හැකි රෝගයක් නිසා මාපියන් ඇදුම ගැන හොඳීන් දැනගෙන සිටීම ඉතා වැදගත්.

ඇදුම හෙවත් ළමා හතියට වායු දූෂණයට දූවිලි මැක්කන්ට අමතරව තවත් හේතු ගණනාවක් බලපානවා.

ජානමය උරුමයක්

මවට පියාට රෝගය තිබීම එක් හේතුවක්. ඇදුම වගේම එග්සීමා, පීනස වැනි තත්ත්වයක් මාපියන්ට සොයුරන්ට තිබීම.

*ආහාර රටාවේ වෙනස්කම්

සමහර ආහාර දරුවන්ට අසාත්මිකයි. දරුවාගෙන් දරුවාට අසාත්මික වන ආහාරය වෙනස්. විවිධ ආහාරවල ඇති රසායනික ද්‍රව්‍යයන් දරුවන්ට අසාත්මික වෙනවා. එක් දරුවකුට අසාත්මික වනදේ තවත් දරුවකුට අසාත්මික වන්නේ නැහැ. උදා- එක් දරුවකුට අයිස්ක්‍රීම් අසාත්මික වුවත් තවත් දරුවකුට අයිස්ක්‍රීම් අසාත්මික වන්නේ නැහැ. කිරි, චීස්, බටර්, කිරිබත් වැනි ආහාර අසාත්මික බවට අපේ සමහර මාපියන් අතර මිථ්‍යා මතයක් තියෙනවා. අසාත්මික වන ආහාර මොනවාදැයි බලා ඒවායින් පමණක් දරුවා ඈත්කර තැබීම ඉතා වැදගත්.

*මව හෝ පියා දුම්පානය කිරීම

වාසනාවකට අපේ අම්මලා දුම් පානය කරන්නේ නැහැ. ඒත් අවාසනාවකට තවමත් දුම්පානය කරන අපේ පියවරුන් මුත්තනුවරුන් සිටිනවා. අක්‍රීය දුම්පානය පවා කුසෙහි වැඩෙන නූපන් දරුවා ඇදුම රෝගයට ගොදුරුවීමේ අවදානම වැඩි කරනවා.

*ස්ථුලහතාව

තරබාරුාව අද අපේ රටේ දරරුවන් අතර දැකිය හැවකි බරපතළ සෞඛ්‍ය ගැටලුවක්. ඇදුම රෝගයට ස්ථුලතාව ද බලපානවා. මාපියන් දරුවන්ට ලෙහෙසියට පහසුවට තෙල් අධික ක්ෂණික ආහාර ලබාදීම නිසා ක්‍රීඩාවට ව්‍යායාමයට මුල් තැනක් නොදීම නිසා තරබාරුවීමේ ප්‍රවණතාව වැඩි වෙලා. නැවුම් එළවළු, පලතුරු වැඩිපුර දරුවන්ට ලබාදීම ඉතා වැදගත්.

More News »