153 Views  
නිවැරදි පානීය ජල බෝතල් තෝරා ගනිමු
 ප්ලාස්ටික් බෝතල්

ප්ලාස්ටික් බෝතල් භාවිතය අප අවම කළ යුතුයග නමුත් ඇතැම් විට අපට මෙම බෝතල් භාවිත කිරීමට සිදුවේග ප්ලාස්ටික් බෝතල වල යොදා ඇති කේත අංකය ඔබ දැක තිබේනවාදරෑ අවශ්‍ය වූ විටක වඩා ආරක්ෂාකාරී බෝතලයක් තෝරා ගැනීමේදී මෙම අංක උපයෝගී කර ගත හැකග

මිනරල් වතුර හා සිසිල් බීම බෝතල් - මෙම කාණ්ඩය භාවිතයට සුදුසු වන්නේ එක් වරක් පමණිග නමුත්ල අව්රශ්මියට හා තාපයට නිරාවරණය වූ විට එක් වරක් වත් භාවිතයට නුසුදුසුයග උණු ජලය පිරවීමට ද නුසුදුසුයග මෙම බෝතල් සෝදා පිරිසුදු කිරීමට නොහැකියග

පාසල් දරුවන් භාවිතා කරන ප්ලාස්ටික් වතුර බෝතල් - නැවත නැවත භාවිතය සුදුසුයිග වරින් වර ජලය හා සබන් යොදා සේදිය හැකග නමුත් වසර ගණානවක් එකම බෝතලය භාවිත කිරීම අනුමත කළ නොහැකග තද උණු වතුර පිරවීමෙන් වැළකිය යුතුයිග පිරිසුදු කිරීමේදී තදින් මැදීම හා සේදුම්කාරක භාවිතා කිරීමෙන් වැළකිය යුතුයග බෝතලය ඇතුළත යම් ලෙසකින් හානි වී ඇත්නම් භාවිතයෙන් ඉවත් කිරීම සුදුසුයග

විශාල මිනරල් වතුර බෝතල් - නැවත භාවිතයට සුදුසු නමුත් තද අව් රශ්මියට හා තාපයට නිරාවරණය වීම සුදුසු නැතග පෙනුම දුර්වර්ණ වී හැඩය වෙනස් වී ඇත්තම් භාවිතයෙන් ඉවත් කිරීම සුදුසුයග

මෙම බෝතල් වලට වඩා පානීය ජලය රැස් කිරීම සඳහා පියනක් සහිත මැටි කළයක් හෝ මැටි ගුරුලේත්තුවක් භාවිත කිරීම වඩාත් සුදුසුයග

වීදුරු බෝතල් - භාවිතයේදී බීදි යෑමේ හැකියාවග බරින් වැඩි වීම වැනි ප්‍රායෝගික හේතු නිසා දරුවන් මේවා භාවිත කරන්නේ සාපේක්ෂව අඩුවෙනිග ඒ නමුත් තාපයට වඩාත් ස්ථායි වීමල හොඳින් පිරිසුදු කිරීමට හැකි වීම හා ජලයට රසායනික එකතු නොවීම නිසා ප්ලාස්ටික් බෝතල්වලට වඩා එදිනෙදා භාවිතයට වීදුරු බෝතල් අනුමත කළ හැකග ඒ අනුව නැවත නැවත භාවිතය සුදුසු වන අතර තරමක් උණුුසුම් ජලය පිරවීමට යොදා ගත හැකග

මල නොබැඳෙන වානේ බෝතල් - බෝතලය ඇතුලත හා පිටත මල නොබැඳෙන වානේ වලින් සාදා ඇති විට නැවත නැවත දිගු කලක් භාවිතයට සුදුසුයිග උණු වතුර භාවිතයට සුදුසුයග

ඇතැම් වානේ බෝතල් ඇලුමිනයම් වලින් සාදා ඇති අතර ආහාර ද්‍රව්‍ය යෙදීමට සුදුසු නොවේග

ජලය සහිත ආහාර භාවිතයට ගනිමු

අපේ ආහාරයට එක්කර ගත හැකි ජලය අඩංගු ආහාර බොහෝ වේග පලතුරුල එළවළුග පලා වර්ගල කිරි ආහාර හා තේග තැඹිලිල කැඳග සුප් වැනි පානයන්හි ජලය විශාල ප්‍රතිශතයක් ඇතග එමෙන්ම රණවරාල පොල්පලාලබෙලිමල් වැනි ඖෂධීය පානයන් පානය කිරීමෙන් ද ඔබට ජලය ලබා ගත හැකග

ඔබ ප්‍රමාණවත්ලෙස ජලය

පානය කරන්නේ නම්ගගග

ඔබේ මුත්‍රා අවර්ණ බවින් යුක්තයග

පිපාසය ඇතිවන තෙක් නොසිට පිසාපයක් ඇතිවීමට පෙර නිතර ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්නග

ඉතින් නිසි ලෙස ජලය පානය කරමුග

දවස පුරා ජලය පානය කරන්නගගගග

ඔබ පාසල් යන විට හෝ වෙනත් ගමනක් යන විට පානීය ජලය බෝතලයක් රැගෙන යන්නග එවිට අවශ්‍ය ඕනෑම මොහොතක ඔබට ජලය පානය කළ හැකියග විශේෂයෙන් උදෑසන අවදි වූ විගසලරාත්‍රි නින්දට පෙර හා ස්නානයට රැ පිහිනීමට පෙර ජලය පානය කිරීම සෞඛ්‍යට හිතකරයග

රූපවාහිනීය නරඹන විට සහ පරිගණකය භාවිත කරන විටද නිරන්තරයෙන් ජලය පානය කරන්නග ඔබ විනෝද ගමන් යන විට දී නිතර ජල පානය පුරුද්දක් කර ගන්නග

ඔබ දිනකට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය නොකරන්නේ නම්ගගග

පහත සඳහන් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකියග

ෆ අධ්‍යාපන කටයුතු සඳහා මානසික ඒකග්‍රතාව පවත්වා ගැනීම අපහසු වීම

ෆ ප්‍රශස්ත මට්ටමින් ක්‍රීඩා හා විෂය බාහිර ක්‍රියාකාරකම් කිරීමට නොහැකිවීමග

ෆ ශරීරය විජලනයට ලක් වී පිපාසය ඇතිවීම

ෆ මුඛය සහ ඇස් වියළීම නිසා ඒවායේ විෂබීජ වර්ධනය වීම

ෆ නිදිමත ගතිය හා ශාරීරික දුර්වල බව ඇති වීම

ෆ ඉක්මනින් කේන්ති යාම

ෆ සම වියළි වීම හා රැලි වැටීමග

ඔබත් අඩුවෙන් ජලය පානය කළ දිනවලදී මෙවැනි අත්දැකිම් ලබා තිබිය හැකග නිසි ලෙස ජලය පානය මගින් මෙවැනි අහිතකර ප්‍රතිඵල වළක්වා ගැනීම ඔබට ඉතා පහසුවෙන් කළ හැකියග

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශනයක් ඇසුරිනි

curtesy :dinamina.lk


Wmqgd .ekSu weiqfrks