144 Views  
ඔසප් නැවතීමේ ලක්ෂණ ආර්තවභාවය
 රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය
මහින්ද හේමප්‍රිය

මෙහිදී ඇතිවන ලක්ෂණ

1. එකවර ශරීරයේ ඇතිවන රස්නය හෙවත් උෂ්ණත්වය වෙනස් වීම
2. අසාමාන්‍ය ලෙස රාත්‍රීයේ දහඩිය දැමීම
3. ඉරුවාරදය වැනි හිසරදය
4. හෘද ස්පන්දන වේගය වැඩි වීම
5. යෝනි මාර්ගය ආශි‍්‍රත පටක තුනී වීම හා දුර්වල වීම.
6. එම ස්ථානවල වියළිබව, රුධිරය වහනය හා කැසීමක් ඇතිවීම
7. මුත්‍රා පිටකරන වාර ප්‍රමාණය වැඩි වීම හා මුත්‍රා බර දරා සිටීමට නොහැකි වීම හා ඉබේම මුත්‍රා පිටවීම
8. යෝනි මාර්ගය හා මුත්‍රා මාර්ගය ආශි‍්‍රත විෂ බීජ අසාදන ඇතිවීම
9. කොන්දේ වේදනාව, හන්දි හා අස්ථිවල මස්පිඬු වේදනාව
10. පියයුරු හැකිලීයාම, ඒවායේ වේදනාව
11. සම වියළියාම, තුනී වීම, රැලි වැටීමට පටන් ගැනීම
12. මානසික අවපීඩනය හා කාංසාව ඇතිවීම (Depression and Anxiety)
13. අලස බව, නොසන්සුන්බව, මුහුණෙන් පෙන්වන මානසිකත්වයට (Mood)  ඉහළ පහළ යාම
14. මතකය අඩුවීම හා යමක් කෙරෙහි අවධානයෙන් බැලීම අඩුවීම
15. නින්දට බාධා පැමිණීම
16. ලිංගික කාර්යන්හිදී වේදනාව ඇතිවීම හා ආශාව අඩුවීම.

අද අපි කතා කරන්නේ මැදි වයසේදී සිදුවන ‘ඔසප් නැවතීම් හොත් ආර්තවභාවය ගැනයි.

ආර්තවභාවය යනුවෙන් විස්තර කරනු ලබන්නේ, සාමාන්‍යයෙන් ගැහැනු අයෙකුගේ සිරුර තුළ සිදුවන ඩිම්බකෝෂවල ක්‍රියාකාරීත්වය මඟින් බිත්තර මෝරා නිදහස් වීම හා හෝර්මෝන නිදහස් වීම නිසා ගර්භාෂය ඇතුළත ආවරණය පළමුව දරුවෙකු සඳහා සකස් වී, දෙවනුව ගැලවී රුධිර වහනය ලෙස පිටතට ගලා යාම ලෙස හඳුන්වන “ඔසප්වීම” නැමති ක්‍රියාවලියේ නැවතීමයි.

මෙම නැවතීම සාමාන්‍යයෙන් සිදුවනු ලබන්නේ වයස හතලිස් ගණන්වල අග කාලයේදී හෝ පනස් ගණන්වල මුල් කාලයේදියි. එම නැවතීම දරුවන් බිහිකිරීමේ යුගයක අවසානය නිරූපණය කරනු ලබනවා. මෙම වයස් කාණ්ඩයේදී “ඔසප් වීම” ක්‍රමයෙන් අක්‍රමවත් වී, මෙතෙක් සිදු වූ කාල පරතරය වෙනස් වී යනවා.

ඔසප් වීම් දෙකක් අතර පරතරය වැඩි වී, කිසියම් ඔසප් වීමකින් පසුව නැවත එය සිදුවන්නේ නැහැ. මෙසේ වසරකට වඩා ඔසප් සිදු නොවුන විට ‘ඔසප් නැවතීම” හෙවත් ආර්තවභාවය menopause සිදු වූ ලෙස සලකනු ලබනවා. ඒ වාගේ අවසාන ඔසප් වීම සිදු වී වසරක් යනතෙක් “ඔසප් නැවතීම” ලෙස නොසලකන බැවින් ඒ කාලය තුළ දරු ගැබක් ඇති විමේ සුළු අවදානමක් ඇති බවද සඳහන් කළ යුතු වෙනවා. මෙසේ වෙනත් වසරක් ඉක්ම ගිය පසු ද ඔසප් සිදුවීම නොවන්නේ නම් “ඔසප් නැවතීම” සිදු වූ බවට තීරණය කළ හැකි වෙනවා.

“ඔසප් නැවතීම” යනු තනි සිදුවීමක් වුවත්, මෙය සිදුවීම සඳහා ඉතා විශාල කාල පරාසයක් ගත කරනු ලබනවා. කෙටියෙන්ම කිවහොත් ඔසප් නැවතීම සිදුවන්නේ, ඊට වසර ගණනාවකට පෙර සිට ශරීරයේ සිදුවන හෝර්මෝනමය ක්‍රියාවන් නිසායි. මෙම කාල පරාසය ඔසප් නැවතීම වසර ගණනාවට පෙර සිට ඔසප් නැවතී වසර කීපයක් දක්වා දිව යනවා.

මෙම කාල පරාසය “පරිචාර ඔසප් නැවතීම් කාලයි” යන අර්ථය අති Primenopause ලෙසට හඳුන්වනු ලබනවා. ඔසප් නැවතීම හා සම්බන්ධ රෝග ලක්ෂණ රාශියක් මෙම කාලය තුළ දී දකින්න ලැබෙනවා. මෙම රෝග ලක්ෂණ සියල්ලටම පාහේ හේතු වන්නේ ස්ත්‍රී හෝර්මෝනවල අඩු වැඩිවීම, විශේෂයෙන් ඒවා අඩු වී යාම බැව් වටාහගත යුතුයි. ඒ ලෙසම මෙම ලක්ෂණ ශරීරයේ හැම කොටසකටම බලපාන කායික ලක්ෂණ මෙන්ම මානසික බලපෑම් මත ඇතිවන ලක්ෂණ අඩංගු කර ගන්නා බව දැන ගත යුතුයි.

ඉහත දැක් වූ ශාරීරික හා මානසික තත්ත්වයන්ට අමතරව මේ කාලයේදී හා ඉන් පසුව ස්ත්‍රියකට මුහුණ දීමට සිදුවන ඇයගේ සාමාජික හෝ පවුල් ජීවතයේ සිද්ධීන් හා ගැටලු නිසාද ඇය අමතර පීඩනයක් දරනු ලබන බවත් අවසාන වශයෙන් සඳහන් කළ යුතු කරුණක් වෙනවා.


Wmqgd .ekSu wdfrda.Hd mqj;a m; weiqfrks